Java Gasto: පරිගණකයට Java ස්ථාපිත කීරීම සහ Path එක සැකසීම........(Lesson 06)

Monday, October 22, 2012

පරිගණකයට Java ස්ථාපිත කීරීම සහ Path එක සැකසීම........(Lesson 06)

හරි  අපි දැන් බලමු අපේ පාඩම් වල ඊලග පියවර වල් මොනවද කියලා.මේ වෙනකල් පල කරපු ලිපි තේරුම් යන්න ඇතැයි සිතනවා.ඉදිරියට බලාපොරොත්තුවක් තියෙනවා යාළුවනේ අපි මේ ඉගෙන ගත්ත දේවල් කරන  හැටි වීඩියෝ දර්ශන විදියට ඔයාලට ලබා දෙන්න.බලමු අපිට තියෙන කාල වේලාව අනුව අපි හැමදේම ඔයාලා වෙනුවෙන් කරනවා.

අද අපේ පාඩම වෙන්නේ මොකක්ද දන්නවද? අපි මේ JDKtool kit / JVM  ගැන කතා කරලා මදිනේ.මේවා නිවැරදිව ඔයාලගේ මැෂින් වලට install කරන හැටිත් කියලා දෙන්න ඕනි.මොකද  බේස් එක හරියට දාන්නේ නැතුව වෙන මොනවා කලත් වැඩක් නෑ.අපි ඔයාලට සාමාන්‍යෙයන් යෝජනා කරන්නේ ජාවා 1.6 කියන එක දා ගන්න කියලයි මොකද දන්නවද 1.7  අළුත්ම version  එක වුනාට ඒකේ සමහරක් දේවල්  testing  සදහා ඇතුලත් කරපුවා.ඉතින් මගෙ යාළුවනේ අපි පරණ එකෙන්ම වැඩ කරමු.තව තව ලෙඩ තියෙනවා අපි ඒවා පස්සේ බලමු.

හරි ඉතින් මේ පහල link එකෙන් ගිහින් JDK Tool KIT  එක බා ගත කරගන්නකෝ වැඩි ගානක් නෑ.සම්පූර්ණයෙන්ම නිකන් දෙන්නේ...



යාළුවනේ ලොකු දෙයක් නෑ.සාමාන්‍ය software එකක්  install  කරගන්නා ආකාරයටම install  කරගන්න.ඒ ගැන අවුලක් වුනොත් අපිට මේල් එකක් දාන්න එකින් එක කියලා දෙන්න අපි පොරොන්දු වෙන.මෙතන ඒක පියවරෙන් පියවර පෙන්නන්න උත්සාහ නොගන්නේ ඔයාලා ඕනි තරම් ඒ දේ දන්න නිසා.

ඔන්න ඊලගට තමයි වැඩේ.කස්ටිය මේක පොඩ්ඩක් අහන්නකෝ අපි පරිගණකයට ජාවා install කලා කියලා විතරක් මදි.අපි අපේ වැඩසටහන් ලියද්දී ඒවා  compile  කරද්දී ජාවා තියෙන තැන  compiler  ට  පෙන්වල දෙන්න ඕනි.ඉතින් අපි වැඩසටහනක් ලිව්වට පස්සේ ඒක කරන්න පුළුවන් .ඒත් ඒක කරදරයක්

ඒ කිව්වේ අපි ලියන පාරක් පාරක් පාසා මේ විදියට path  එකක් දෙන්න බෑනේ.ඒක ඇත්තටම කරදරයක් මොකද දැන් ඔයාලා දිගටම වැඩ කරනවනේ ජාවා එක්ක.හරි එහෙනම් අපි මේ සදහා ස්ථීර path එකක්   set  කරමු නේද? හම් දැන් බලා ගන්නකෝ කොහොමද ඒක කරන්නේ කියලා.

ඔයාලා පාවිච්චි කරන්නේ windows , operating system   එකක් කියලා හිතනුයි මම වැඩ කරන්නේ . Linux ,Ubuntu,fedora  වගේ ඒවායෙත් ලොකු වෙනසක් නෑ.....
මෙහෙමයි මුලින්ම ඔයාලා තමන්ගේ පරිගණකයේ ජාවා install කරගනිපු තැනට එහෙමත් නැත්නම්  hard   එකේ  අදාල location  එකට යන්න.මෙන්න මේ විදියට .....


My Computer  ----->  Local Disk(C:)  ------>  Program Files ---->   Java ---->  jdk1.6.0  -----> bin



ඔන්න ඔය Location එකට ගිහින් අපි මේ ගිය path එක  copy  කරගන්න ඕන.හරි දැන් අපි මේ  copy  කරගත් මේ  path එක   set  කරන්න ඕන.ඒකට ඔයා මුලින්ම යන්න My Computer  වලට.රෑප සටහන් ආධාර කර ගන්නකෝ .ඉන් පසුව එහි තිබෙන System Properties tab  එක  click කරන්න...




හරි දැන් අපිට ලැබෙනවා window එකක් .ඒකේ වම් අත පැත්තේ කෙලවරේ යටින් තියෙන  Advanced System Settings  tab  එක click  කරන්න.මෙන්න මේ විදියට



ඉතින් ඊට පස්සේ අපිට ලැබෙනවා System Properties Dialog Box  එක.ඒකේ Advanced කියන  tab  එක  select වෙලාම එනවා.ඒ  tab  එකේ පහලින් තියෙන  Environment Variables  යන  Button  එක  click  කරන්න.


එවිට අපිට ලැබෙනවා Environment Variables  Dialog Box  එක.දැන් එහි යට ඇති  System Variables  Box  එකෙන් Path යන්න select  කරන්න.ඉන්පසු යට ඇති  Edit යන  Button  එක  Click කරන්න.



අපිට දැන්  අළුතෙන්  Dialog Box එකක් විවෘත වෙලා තිබෙනවා..මේන්න මේ අකාරයට...හරිද බලන්න යාළුවනේ...


හරි දැන් ඔය එන  Dialog Box එකේ Variable Value  යන තීරුවේ තිබෙන text  එකේ අවසානයට යන්න.
හොදට මතක තියාගන්න යාළුවනේ ඔය තීරුවේ දැනට  තිබෙන කිසිවක් වෙනස් කරන්න ....මකන්න යන්න එපා .මොකද එහෙම වුනොත් ඔයාගේ පරිගණකයේ සමහරක් වැඩසටහන් පරිගණකය ආරම්භයේදීම ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්.ඉතින් පරිස්සමෙන් ....වැරදිලා හරි එහෙම වුනොත් ඔය ඇවිත් තියෙන Dialog Boxes  , save  නොකර ආයේ මුල සිටම කරන්න අමතක වෙලා ඒකත් කලොත් (හි හි sorry ම තමා හි හි හි......) නෑ නෑ මෙහෙම දෙයක් කරන්න.ඔයා ඔය තීරුවේ මුලට   C:\Windows ;  කියලා දාන්න .මම දන්න තරමින් විසදුමක්  ඔය විදිහ.
ඉතින් ඔයාට කිසි කරදරයක් නැතුව මේ තීරුවේ අවසානයට යන්න පුළුවන් මේ  text  එකේ කොහේ හෝ තැනක  courser   එක තියලා Keyboard  එකේ  right arrow key  එක press  කරගෙන ඉදීම මගින්.හරි කොහොම හරි අවසානයට ගිහින් එහි අන්තිමට  semicolon ( ; ) එකක් දාන්න .හරිද? මෙන්න මේ විදියට.....



දැන් අපි කලින්  bin folder  එකේ ඉදන්  copy කරන් ආව Location path   එක අපි දාපු   semicolon  එකට පසුව  paste කරගන්න.මේ අකාරයට.


ඊට පස්සේ  OK  කරන්න.හරි දැන් හිමින් සැරේ අපි  open  කරන් ඉන්න සේරම  dialog  boxes  , OK   කරගන්න‍.දැන්  ඔයාගේ පරිගණකයට ජාවා පාත් එක  set කරලා ඉවරයි.දැන් පුළුවනි ජාවා වලින් වැඩ කරන්න ..අම්මෝ ඇති නේද? හි එහෙනම් අදට නවතින්නම්  ..ආයෙත් එන්නේ ජාවා වලින් පලමු වැඩසටහනත් අරන්..එහෙනම් යාළුවෝ සූදානම් වෙන්න ජාවා ලෝකයේ සැරිසරන්න....


ආ මතක් කරන්න ඔනි  JDK Tool Kit  එක  install  කරන තැන ඉදලා මේ  path එක  set කරන තැන දක්වා ගැටළුවක් තියෙනව නම් අපිට mail  එකක් දාන්න.ජය වේවා!


E-Mali  :- javagasto@gmail.com

Skype :- javagasto

Facebook :- http://www.facebook.com/java.gasto



6 comments:

  1. මට නම් වටිනවා ලිපිය.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයනි මේ පැත්තට ගොඩ වුනාට !! දිගටම ඉන්න ඉක්මනින්ම පාඩම් ටික දාන්නම් .... ජය වේවා

      Delete
  2. මේ මම හොය හොය හිටපු විදියේ බ්ලොග් එකක්.. දිගටම ලියමු යාලුවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ගොඩ වුනාට !! දිගටම ඉන්න ඉක්මනින්ම පාඩම් ටික දාන්නම් .... ජය වේවා

      Delete
  3. මගේ අතින් path එක set කරද්දී කලින් තිබ්බ ටික delete උනා.දැන් මොකද කරන්නේ?

    ReplyDelete
  4. මුල ඉදන්ම ලිපි ටික කියවගෙන ආවා. මොන මගුලක්ද මේකෙ ඉතිරි ටික ලිව්වේ නැත්තේ ඇයි බං.

    ReplyDelete

ඔයාලගේ අදහස් දක්වලා යනවනම් අපිට ලොකු හයියක් ඒක.....නොදැක්වුවා කියලා තරහකුත් නෑ...මොනවා හරි දේකදී මේ පාඩම් වැදගත් වුනා නම් අන්න ඒකයි අපේ මේ වෑයම ඒකයි අපේ සතුට....හැමෝටම ජය ..!!