Java Gasto: සාදරයෙන් පිලිගන්නෙමු ...!!!

Tuesday, October 2, 2012

සාදරයෙන් පිලිගන්නෙමු ...!!!



                           හැමෝටම නැවුම් දවසක් උදාවෙන්න කියල ප්‍රථමයෙන්ම ප්‍රර්ථනා කරන්නම්.ඇසි දිසි මානයෙන් ඔබ්බට .......භාෂාවකට එහා ගිය දෙයක් එකතු කරන ජාවා  ගැස්ටෝ තුලින් අපි අද අව ඔයාල ලගට.පරිගණක ක්‍රමලේකනයට අසද ? රාමුවෙන් පිටතට හිතන්න කැමතිද? අලුත්ම මන් පෙතක පියමනින්න අසද? එහෙනම් අපි යමු එකතු වෙලා මේ ගමන....



ජාවා ගැස්ටෝ ලියන අපි අලුත්ම දෙයක් අලුත් විදියට අලුත්ම ආරෙන් ඔබ වෙත සමීප කරන්නයි මේ ලෑස්ති වෙන්නේ .මුලින්ම කියන්න ඕනි ලෝකේ පරිගණක කියන තාක්ෂනෙත් එක්ක මේ වෙද්දී ගොඩක් ඉදිරියට ගිහිල්ලා.ඉතින් ඒ කප්පරක් වගේ තාක්ෂනේ ඇතුලේ වැදගත්ම දෙයක් තමයි පරිගණක ක්‍රමලේකනය කියන දේ.ඉතින් මේ වෙද්දී ලෝකේ විවිද වූ භාෂා පාවිච්චි කරමින් එකී කාර්ය සිදිකරනු ලබනවා.සරලවම කිව්වොත් ජාවා කියන්නෙත් අපි ඉහතින් සදහන් කර පරිගණක වැඩසටහන් ක්‍රමලේකනය කරන්න පාවිච්චි කරන  වැදගත් භාෂාවක් .ජාවා කියන භාෂාවේ විශේෂිත ගුණාංග කීපයක් නිසා තමයි අද වන විට ලෝකයේ එය මේ තරම් ජනප්‍රිය  වෙන්නට හේතු සාධක  වෙලා තියෙන්නේ.කොහොම වුනත් ජාවා ගැස්ටෝ තුලින් අපි උත්සහ කරන්නේ සරලවම මේ භාෂාව ඉගෙන  ගන්න ගමන් ප්‍රයෝගිකව දෙයක් කරන්නයි.


ඉතින් අපිත් එක්ක එකතු වෙන්න ඉන්න ආදරණීය යාළුවන්ට ඉස්සෙල්ලම මතක් කරන්නන ඕනි මේ විදියට බ්ලොග් එකක් තුලින් අපි මේ කරන්නේ ඔයාලට දෙයක් දෙනවා වගේම අපිත් ඉගෙන ගන්න එක කියලා.මොකද සාගරයක් වගේ තාක්ෂනේ ඇතුලේ අපිත් තම හරියට කළු කූබියෙක් වගේ.ඉතින් පරිගණක විද්‍යාවට ආදරේ කරන තාක්ෂනෙත් එක්ක ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන ආදරණීය නංගිලා මල්ලිලාට ආදරයෙන් ඇරයුම් කරනවා පළමු ලිපියේ සිටම අපිත් එක්ක රැදෙන්න.ඔයාලගේ දැනුමටත් ගන්න පුළුවන් දෙයක් තියේනම් ගන්න.මතක් කරන්න තියෙන විශේෂිතම දේ තමි අපි මේක ලියන්නේ අපිත් තාම ජාවා කියන දේ ඉගෙන ගන්න ගමන් කියලා ඉතින් අපි අලුතෙන් දැනගන්න කියන හැම දේම මේ බ්ලොග් එක හරහා ඔයාල අතට දෙනවා .ඔයාලගෙන් තව ආදරෙන් එල්ලන්න දෙයක් තියෙනවා මල් වගේම ගලුත් අපිට එවන්න කමෙන්ට් එකක් විදියට විද්යුත් පණිවිඩයක් විදියට ඔයාලගේ ගැටළු යොමු කරන්න අපිට පුළුවන් උපරිම ආකාරයෙන් ඒවාට විසදුම් දෙන්න උතසහ ගන්නම්.උත්සහ ගන්නම් කිව්වේ අපිත් තාම ඒගෙන ගන්න නිසා .ලංකාවේ ජාවා ඉගෙනගන්න ඕනි තරම් ආයතන තියෙනවා (හැම එකම හොදයි  කියලා අපි කියන්නේ නෑ) එත් මේ වෙද්දීත් ඔයාලා ක්‍රමලේකනය කියන දේ ඉගෙන ගන්නවා නම් අපේ සමහර පොස්ට් කවදාක හරි වැදගත් වෙයි.

ඉතින් අපි මුල ඉදලම පටන් ගම්මු .මුල ඉදලම ඒ කිව්වේ භාෂාවකට එක ගිහින් සංකල්පනාත්මක දැනුමත් එක්ක අලුත්ම වැඩක් කරමු...එහෙනම් ජාවා ගැස්ටෝ වෙනුවෙන් ඔයාලා එක්ක එකතු වෙන්න අපිට අවසරයි.කියන්න අමතක වුනානේ මම කල්ප ,මගේ යාලුවෝ දෙන්න තමයි ශ්‍රී   සහ විරු  .ඉතින් අපි තුන්දෙනත් එක්ක එකතු වෙලා අපි හැමෝම ඉගෙන  ගම්මු.පළමු ලිපියෙන් නැවත මුණ ගැසෙන තෙක් ඔයාලට සුබ දවසක්!!


3 comments:

  1. එල එල ජය වේවා !අපි ඉන්නවා දිගටම.ලියන්න.

    ReplyDelete
  2. දිගටම ඉන්න ඉක්මනින්ම පාඩම් ටික දාන්නම් .... ජය වේවා

    ReplyDelete

ඔයාලගේ අදහස් දක්වලා යනවනම් අපිට ලොකු හයියක් ඒක.....නොදැක්වුවා කියලා තරහකුත් නෑ...මොනවා හරි දේකදී මේ පාඩම් වැදගත් වුනා නම් අන්න ඒකයි අපේ මේ වෑයම ඒකයි අපේ සතුට....හැමෝටම ජය ..!!