Java Gasto: JDK Tool KIt යනු කුමක්ද?......(Lesson 04)

Wednesday, October 17, 2012

JDK Tool KIt යනු කුමක්ද?......(Lesson 04)


හරි යාලුවනේ ඉක්මනින්ම මූලික කොටස් ටික කියල දෙන්න ඕනි නේ .දන්නවනේ එක එක වැඩ එක්ක වෙලාව හොයාගන්න එපැයි මේකත් ලියන්න.

හරි අපි මීට කලින් කතා කල පාඩම් වලදී ඉගෙනගත්තා කොහොමද ජාවා භාෂාවෙන් ලිව්ව Program එකක්   ක්‍රියාත්මක වෙන්නේ, කොහොමද Compile වෙනවා කියල වෙන්නේ මොකක්ද කියල කාරණය.දැන් අපි ඉගෙන ගන්න යන්නේ මේ ජාවා File එකක් Compile කරද්දී ඊට වැදගත් වන තවත් අනෙකුත්  කොටස් කීපයක් ගැන කෙටියෙන් විස්තරයක් මොකද ඒ තොරතුරුත් ඉගෙන ගන්න එක වටිනවා ඔයාලට

ඔයාල අහල ඇති සමහරවිට JDK Tool Kit එකක් ගැන. දැන් කතා කරන්න යන්නේ ඒ ගැන
මොකක්ද මේ JDK Tool Kit  එක කියල කියන්නේ?....ඇත්ත වශයෙන්ම අපි ජාවා Program  එකක් ලිව්වට පස්සේ   එකේ තියෙනවා Source code  එක. අපි ඊළගට ඒක Compile  කරනවා ඒ ක්‍රියාවලිය Machine Independent   ඒ කියන්නේ ඕනෑම Machine එකකට කියවන්න පුළුවන්.ඒ හැදිච්ච .class File එක අපි  Execute  කරනවා  එතැනදී ඒ ඒ අදාල Operating System  එක මත ඒ ක්‍රියාවලිය වෙනස් වෙනවා ඔන්න ඔය දේ තමයි සරලවම වෙන්නේ ......



ඉතින් ඔය උඩ තියෙන  chart  එකේ Compiler  කියන කොටසේදී අපිට වැදගත් වෙනවා අපි ඉහතින් කතා කල JDK කියන දේ.තව දෙයක් යාලුවනේ අපි ජාවා කියන භාෂාව භාවිතා කරන්න මුලින්ම පරිගණකයේ  install  කරන්නේ මේ Java Development Kit කියන එක.
JDK කියන්නේ programs ,documents  වැනි කීපයකින් හැදිච්ච එකතුවක් කියල කිව්වොත් නිවැරදියි .ඉතින් ඇත්තටම මේක Software  එකක් එහෙමත් නැත්නම් program  එකක්.හරි මේ JDK කියන Software  එකේ මූලිකව වැදගත්Tools  3 ක් තියෙනවා අපි ඒවා ගැන දැන් බලමු

1.javac
JDK  තුල තියෙනවා javac කියල Tool  එකක්. ඇත්තටම මෙන්න මේ tool  එක තමයි  අපිට ඕනි වෙන්නේ අපි ලියන source code  එක byte code  එකක් විදියට compile කරලා දෙන්න.ඒ කිව්වේ compile  කියන කාරණයේදී අපිට උදව් දෙන්නේ මෙන්න මේ කොටසයි.

 2.jar 
Jar  කියන Tool  එකෙන් ඇත්තටම මෙකයි කරන්නේ අපි program යක්   compile  කරන විට වැදගත් වන තවත්  දේවල් තියෙනවා ඒ  කිව්වේ compile  කිරීමට යොදාගන්නා packages  තියෙනවා එයට සහභාගීවන classes  තියෙනවා  අන්න ඒ  සියල්ලම jar  file එකක් විදියට එනම් එකතුවක් විදියට(නුහුරු වුනත් මතක තියාගන්න Libraries   විදියට ) JDK  තුල අපිට දකින්නට ලැබෙනවා.අන්න එවැනි එකතුවකට තමයි  අපි jar file  එකක් කියන්නේ.

3.javadoc
මේ තියෙන්නේ අපි program  යක් compile කරන විට වැදගත් වන Documents ය .අපි compile  කරන අවස්ථාවේ ඒ ඒ වැදගත් දත්ත ඇතුලත් Documents , JDK  මගින් Automatically Generate  කරගන්නවා.මොකද පස්සේ අපිට ඒවා වැදගත් වන නිසා.ඒ කියන්නේ යාලුවනේ අපි හදන  byte code  එකට අදාලව විස්තර වගේ දේ තිබෙන ලිපියක් වගේ දේවල්.

ඉතින් මේ අනුව මේ මූලිකම tools 3 තමයි JDK  තුලදී අපිට වැදගත් වෙන්නේ .ඉතින් මේ 3 හිම එකතුවක් ලෙස තමයි  JDK කියන මේ Software  එක නැත්නම් Collection  එක හැදිලා තියෙන්නේ.මෙහෙම මතක තියාගන්නකෝ අපි ලියන ජාවා file  එකට අදාලව compile  කල විට byte code එකෙන් සෑදෙන intermediate Language  File  එක සාදන්න අපිට සහය වෙන්නේ මෙන්න මේ JDK Tool Kit  එකයි .එනම් Compiler කියන කොටසට සහය දෙන්නේ මේ Software  එක. 

යාළුවනේ මීට  කලින් පාඩම් වලට මෙතනින් යන්න..........

3 comments:

  1. ීඉහත දක්වා ඇත්තේ ජාවා ප්‍රෝගෑමින් කරන විට සෑදෙන ෆොල්ඩර් ගැනද??

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඔබ ඇසු දේ පැහැදිලි මදි....ඉහතින් සදහන් කර ඇත්තේ යාළුවා අපි පරිගනකයෙන් ජාවා වලින් වැඩ කිරීමට පෙර පරිගනකයේ තිබිය යුතු දේවල්.අපි ජාවා කියන භාෂාව භාවිතා කරන්න මුලින්ම පරිගණකයේ install කරන්නේ මේ Java Development Kit කියන එක.ඒ කව්වේ නිකන් හරියට Java Development Kit කියන්නේ ජාවා software එකට...

      Delete
  2. Thanx machan godak mahansiwela karunu pelagassala thiyenawa.. digatama karagena yanna........

    ReplyDelete

ඔයාලගේ අදහස් දක්වලා යනවනම් අපිට ලොකු හයියක් ඒක.....නොදැක්වුවා කියලා තරහකුත් නෑ...මොනවා හරි දේකදී මේ පාඩම් වැදගත් වුනා නම් අන්න ඒකයි අපේ මේ වෑයම ඒකයි අපේ සතුට....හැමෝටම ජය ..!!