Monday, October 22, 2012

පරිගණකයට Java ස්ථාපිත කීරීම සහ Path එක සැකසීම........(Lesson 06)

හරි  අපි දැන් බලමු අපේ පාඩම් වල ඊලග පියවර වල් මොනවද කියලා.මේ වෙනකල් පල කරපු ලිපි තේරුම් යන්න ඇතැයි සිතනවා.ඉදිරියට බලාපොරොත්තුවක් තියෙනවා යාළුවනේ අපි මේ ඉගෙන ගත්ත දේවල් කරන  හැටි වීඩියෝ දර්ශන විදියට ඔයාලට ලබා දෙන්න.බලමු අපිට තියෙන කාල වේලාව අනුව අපි හැමදේම ඔයාලා වෙනුවෙන් කරනවා.

අද අපේ පාඩම වෙන්නේ මොකක්ද දන්නවද? අපි මේ JDKtool kit / JVM  ගැන කතා කරලා මදිනේ.මේවා නිවැරදිව ඔයාලගේ මැෂින් වලට install කරන හැටිත් කියලා දෙන්න ඕනි.මොකද  බේස් එක හරියට දාන්නේ නැතුව වෙන මොනවා කලත් වැඩක් නෑ.අපි ඔයාලට සාමාන්‍යෙයන් යෝජනා කරන්නේ ජාවා 1.6 කියන එක දා ගන්න කියලයි මොකද දන්නවද 1.7  අළුත්ම version  එක වුනාට ඒකේ සමහරක් දේවල්  testing  සදහා ඇතුලත් කරපුවා.ඉතින් මගෙ යාළුවනේ අපි පරණ එකෙන්ම වැඩ කරමු.තව තව ලෙඩ තියෙනවා අපි ඒවා පස්සේ බලමු.

හරි ඉතින් මේ පහල link එකෙන් ගිහින් JDK Tool KIT  එක බා ගත කරගන්නකෝ වැඩි ගානක් නෑ.සම්පූර්ණයෙන්ම නිකන් දෙන්නේ...



යාළුවනේ ලොකු දෙයක් නෑ.සාමාන්‍ය software එකක්  install  කරගන්නා ආකාරයටම install  කරගන්න.ඒ ගැන අවුලක් වුනොත් අපිට මේල් එකක් දාන්න එකින් එක කියලා දෙන්න අපි පොරොන්දු වෙන.මෙතන ඒක පියවරෙන් පියවර පෙන්නන්න උත්සාහ නොගන්නේ ඔයාලා ඕනි තරම් ඒ දේ දන්න නිසා.

ඔන්න ඊලගට තමයි වැඩේ.කස්ටිය මේක පොඩ්ඩක් අහන්නකෝ අපි පරිගණකයට ජාවා install කලා කියලා විතරක් මදි.අපි අපේ වැඩසටහන් ලියද්දී ඒවා  compile  කරද්දී ජාවා තියෙන තැන  compiler  ට  පෙන්වල දෙන්න ඕනි.ඉතින් අපි වැඩසටහනක් ලිව්වට පස්සේ ඒක කරන්න පුළුවන් .ඒත් ඒක කරදරයක්

ඒ කිව්වේ අපි ලියන පාරක් පාරක් පාසා මේ විදියට path  එකක් දෙන්න බෑනේ.ඒක ඇත්තටම කරදරයක් මොකද දැන් ඔයාලා දිගටම වැඩ කරනවනේ ජාවා එක්ක.හරි එහෙනම් අපි මේ සදහා ස්ථීර path එකක්   set  කරමු නේද? හම් දැන් බලා ගන්නකෝ කොහොමද ඒක කරන්නේ කියලා.

ඔයාලා පාවිච්චි කරන්නේ windows , operating system   එකක් කියලා හිතනුයි මම වැඩ කරන්නේ . Linux ,Ubuntu,fedora  වගේ ඒවායෙත් ලොකු වෙනසක් නෑ.....
මෙහෙමයි මුලින්ම ඔයාලා තමන්ගේ පරිගණකයේ ජාවා install කරගනිපු තැනට එහෙමත් නැත්නම්  hard   එකේ  අදාල location  එකට යන්න.මෙන්න මේ විදියට .....


My Computer  ----->  Local Disk(C:)  ------>  Program Files ---->   Java ---->  jdk1.6.0  -----> bin



ඔන්න ඔය Location එකට ගිහින් අපි මේ ගිය path එක  copy  කරගන්න ඕන.හරි දැන් අපි මේ  copy  කරගත් මේ  path එක   set  කරන්න ඕන.ඒකට ඔයා මුලින්ම යන්න My Computer  වලට.රෑප සටහන් ආධාර කර ගන්නකෝ .ඉන් පසුව එහි තිබෙන System Properties tab  එක  click කරන්න...




හරි දැන් අපිට ලැබෙනවා window එකක් .ඒකේ වම් අත පැත්තේ කෙලවරේ යටින් තියෙන  Advanced System Settings  tab  එක click  කරන්න.මෙන්න මේ විදියට



ඉතින් ඊට පස්සේ අපිට ලැබෙනවා System Properties Dialog Box  එක.ඒකේ Advanced කියන  tab  එක  select වෙලාම එනවා.ඒ  tab  එකේ පහලින් තියෙන  Environment Variables  යන  Button  එක  click  කරන්න.


එවිට අපිට ලැබෙනවා Environment Variables  Dialog Box  එක.දැන් එහි යට ඇති  System Variables  Box  එකෙන් Path යන්න select  කරන්න.ඉන්පසු යට ඇති  Edit යන  Button  එක  Click කරන්න.



අපිට දැන්  අළුතෙන්  Dialog Box එකක් විවෘත වෙලා තිබෙනවා..මේන්න මේ අකාරයට...හරිද බලන්න යාළුවනේ...


හරි දැන් ඔය එන  Dialog Box එකේ Variable Value  යන තීරුවේ තිබෙන text  එකේ අවසානයට යන්න.
හොදට මතක තියාගන්න යාළුවනේ ඔය තීරුවේ දැනට  තිබෙන කිසිවක් වෙනස් කරන්න ....මකන්න යන්න එපා .මොකද එහෙම වුනොත් ඔයාගේ පරිගණකයේ සමහරක් වැඩසටහන් පරිගණකය ආරම්භයේදීම ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්.ඉතින් පරිස්සමෙන් ....වැරදිලා හරි එහෙම වුනොත් ඔය ඇවිත් තියෙන Dialog Boxes  , save  නොකර ආයේ මුල සිටම කරන්න අමතක වෙලා ඒකත් කලොත් (හි හි sorry ම තමා හි හි හි......) නෑ නෑ මෙහෙම දෙයක් කරන්න.ඔයා ඔය තීරුවේ මුලට   C:\Windows ;  කියලා දාන්න .මම දන්න තරමින් විසදුමක්  ඔය විදිහ.
ඉතින් ඔයාට කිසි කරදරයක් නැතුව මේ තීරුවේ අවසානයට යන්න පුළුවන් මේ  text  එකේ කොහේ හෝ තැනක  courser   එක තියලා Keyboard  එකේ  right arrow key  එක press  කරගෙන ඉදීම මගින්.හරි කොහොම හරි අවසානයට ගිහින් එහි අන්තිමට  semicolon ( ; ) එකක් දාන්න .හරිද? මෙන්න මේ විදියට.....



දැන් අපි කලින්  bin folder  එකේ ඉදන්  copy කරන් ආව Location path   එක අපි දාපු   semicolon  එකට පසුව  paste කරගන්න.මේ අකාරයට.


ඊට පස්සේ  OK  කරන්න.හරි දැන් හිමින් සැරේ අපි  open  කරන් ඉන්න සේරම  dialog  boxes  , OK   කරගන්න‍.දැන්  ඔයාගේ පරිගණකයට ජාවා පාත් එක  set කරලා ඉවරයි.දැන් පුළුවනි ජාවා වලින් වැඩ කරන්න ..අම්මෝ ඇති නේද? හි එහෙනම් අදට නවතින්නම්  ..ආයෙත් එන්නේ ජාවා වලින් පලමු වැඩසටහනත් අරන්..එහෙනම් යාළුවෝ සූදානම් වෙන්න ජාවා ලෝකයේ සැරිසරන්න....


ආ මතක් කරන්න ඔනි  JDK Tool Kit  එක  install  කරන තැන ඉදලා මේ  path එක  set කරන තැන දක්වා ගැටළුවක් තියෙනව නම් අපිට mail  එකක් දාන්න.ජය වේවා!


E-Mali  :- javagasto@gmail.com

Skype :- javagasto

Facebook :- http://www.facebook.com/java.gasto



Friday, October 19, 2012

Java Run time Environment යනු කුමක්ද?.......(Lesson 05)


අද අපි කතා කරන්න යන්නේ Java Runtime Environment  කියන එක ගැන.දැන් අපි බලමු JRE එක කොහොමද Java කියන භාෂාව තුල ඇතුලත්  වෙන්නේ කියල.

හරි අපි මුලින්ම බලමු මොකක්ද මේ JRE එක කියන්නේ කියලා. අපි කතා කල Java program  එක වැඩ කරන්නේ කොහොමද කියලා අපි දන්නවා.අපි දැන් බලමු  Java program  එකක් පරිගණකය තුල වැඩ කරන්නේ කොහොමද කියලා.

එනම් අපි Java වලින් ලියල  compile  කරලා .class file යක්  ලෙස හැදුවට පස්සේ ඒ ලියාගත්තු program  එකක් පරිගණකය තුල ක්‍රියාත්මක කරන්නන අදාල පරිගණකය තුල  ගැලපෙන පරිසරයක් සැකසී තියෙන්න ඕනි.කොටින්ම කිව්වොත් අපි ලියගත්තු  Java program  එකක් Run  කරන්න පරිගණකයේ සුදුසු පරිසරයක් තියෙන්න ඕනි.අන්න ඒ සුදුසු පරිසරය එසේත් නැත්නම් වට පිටාව පරිගණකය තුල ස්ථාපනය කර දීම, ගොඩ නගන එක තමයි  JRE  කියන Software එකෙන් කරන්නනේ .මෙහිදී JRE  කියලා කියන්නේ අපි කලින් සදහන් කල  JDK  වගේ Software Bundle  එකක්.ඒ  Bundle  එක ඇතුලේ තියෙනවා අපි හදාගත් .class file  එක  හැම machine  එකටම කියවන්න පුළුවන් විදියට ඒ ඒ අදාල පරිගණකය හදුනාගෙන  ඒ කියන්නේ මොන machine  එකකද Run කරන්න යන්නේ කියලා සොයා බලා ඒ අදාල විදියට ලබාදීම තමයි JRE එක මගින් කරන්නේ.

අපි සරලව මෙහෙම කියමුකෝ අපි Run කරන්න හදන file  එක අරගෙන  අපි මේ වැඩ කරනOS-Operating System  එක මොකක්ද කියලා සොයාගෙන ඒ ඒ අදාල OS එකට ගැලපෙන පරිදි  execute කිරීමට අදාල පරිසරය හදලා දෙන එක තමයි   JRE  එක මගින් කරන්නේ.ඒ සදහා  JVM නම් වූ  Java Virtual Machine  ,JRE එක තුල තියෙනවා  ඒවයින් අදාල  OS  එක හැදිනගෙන ඒ හරහා අපේ file එක execute  කර අපේ OS එකට ලබාදෙනවා.

පහත රූප සටහන ආදාරයෙනුත් තේරුම් ගන්න බලන්න ...හැමදාම මහන්සියෙන් රෑප සටහන් පවා දාන්නේ ඔයාලට සරලවම කියල දෙන්න ඕනි නිසා....




තව දෙයක් යාලුවනේ අපි කලින් දවසක කතා කලා VB  වගේ Software එකක  Graphical user Interface පාවිච්චි වෙනවා කියලා එත් ජාවා වල එහෙම කොටසක් නෑ ඒ වෙනුවට තියෙන්නේ API – Application Programming Interface කියලා කොටසක් ඉතින් මේ API  කියන කොටසත් ඇතුලත් වෙන්නේ JRE කියන Software Bundle  එකේම තමයි .ඔයාල JDK Tool Kit  එක install  කරද්දී  සාමන්‍ය‍යෙන්  Java Runtime Environment එකත් install වෙනවා ඔය දැනුවත්ව හෝ නොදැනුවත්ව.

ඉතින් අපි මේ කතා කලේ Java Runtime environment  එකේ තියෙන වැදගත්කම.ආයේ ඉක්මනින්ම එන්නම් ඔබට ජය!! 

Wednesday, October 17, 2012

JDK Tool KIt යනු කුමක්ද?......(Lesson 04)


හරි යාලුවනේ ඉක්මනින්ම මූලික කොටස් ටික කියල දෙන්න ඕනි නේ .දන්නවනේ එක එක වැඩ එක්ක වෙලාව හොයාගන්න එපැයි මේකත් ලියන්න.

හරි අපි මීට කලින් කතා කල පාඩම් වලදී ඉගෙනගත්තා කොහොමද ජාවා භාෂාවෙන් ලිව්ව Program එකක්   ක්‍රියාත්මක වෙන්නේ, කොහොමද Compile වෙනවා කියල වෙන්නේ මොකක්ද කියල කාරණය.දැන් අපි ඉගෙන ගන්න යන්නේ මේ ජාවා File එකක් Compile කරද්දී ඊට වැදගත් වන තවත් අනෙකුත්  කොටස් කීපයක් ගැන කෙටියෙන් විස්තරයක් මොකද ඒ තොරතුරුත් ඉගෙන ගන්න එක වටිනවා ඔයාලට

ඔයාල අහල ඇති සමහරවිට JDK Tool Kit එකක් ගැන. දැන් කතා කරන්න යන්නේ ඒ ගැන
මොකක්ද මේ JDK Tool Kit  එක කියල කියන්නේ?....ඇත්ත වශයෙන්ම අපි ජාවා Program  එකක් ලිව්වට පස්සේ   එකේ තියෙනවා Source code  එක. අපි ඊළගට ඒක Compile  කරනවා ඒ ක්‍රියාවලිය Machine Independent   ඒ කියන්නේ ඕනෑම Machine එකකට කියවන්න පුළුවන්.ඒ හැදිච්ච .class File එක අපි  Execute  කරනවා  එතැනදී ඒ ඒ අදාල Operating System  එක මත ඒ ක්‍රියාවලිය වෙනස් වෙනවා ඔන්න ඔය දේ තමයි සරලවම වෙන්නේ ......



ඉතින් ඔය උඩ තියෙන  chart  එකේ Compiler  කියන කොටසේදී අපිට වැදගත් වෙනවා අපි ඉහතින් කතා කල JDK කියන දේ.තව දෙයක් යාලුවනේ අපි ජාවා කියන භාෂාව භාවිතා කරන්න මුලින්ම පරිගණකයේ  install  කරන්නේ මේ Java Development Kit කියන එක.
JDK කියන්නේ programs ,documents  වැනි කීපයකින් හැදිච්ච එකතුවක් කියල කිව්වොත් නිවැරදියි .ඉතින් ඇත්තටම මේක Software  එකක් එහෙමත් නැත්නම් program  එකක්.හරි මේ JDK කියන Software  එකේ මූලිකව වැදගත්Tools  3 ක් තියෙනවා අපි ඒවා ගැන දැන් බලමු

1.javac
JDK  තුල තියෙනවා javac කියල Tool  එකක්. ඇත්තටම මෙන්න මේ tool  එක තමයි  අපිට ඕනි වෙන්නේ අපි ලියන source code  එක byte code  එකක් විදියට compile කරලා දෙන්න.ඒ කිව්වේ compile  කියන කාරණයේදී අපිට උදව් දෙන්නේ මෙන්න මේ කොටසයි.

 2.jar 
Jar  කියන Tool  එකෙන් ඇත්තටම මෙකයි කරන්නේ අපි program යක්   compile  කරන විට වැදගත් වන තවත්  දේවල් තියෙනවා ඒ  කිව්වේ compile  කිරීමට යොදාගන්නා packages  තියෙනවා එයට සහභාගීවන classes  තියෙනවා  අන්න ඒ  සියල්ලම jar  file එකක් විදියට එනම් එකතුවක් විදියට(නුහුරු වුනත් මතක තියාගන්න Libraries   විදියට ) JDK  තුල අපිට දකින්නට ලැබෙනවා.අන්න එවැනි එකතුවකට තමයි  අපි jar file  එකක් කියන්නේ.

3.javadoc
මේ තියෙන්නේ අපි program  යක් compile කරන විට වැදගත් වන Documents ය .අපි compile  කරන අවස්ථාවේ ඒ ඒ වැදගත් දත්ත ඇතුලත් Documents , JDK  මගින් Automatically Generate  කරගන්නවා.මොකද පස්සේ අපිට ඒවා වැදගත් වන නිසා.ඒ කියන්නේ යාලුවනේ අපි හදන  byte code  එකට අදාලව විස්තර වගේ දේ තිබෙන ලිපියක් වගේ දේවල්.

ඉතින් මේ අනුව මේ මූලිකම tools 3 තමයි JDK  තුලදී අපිට වැදගත් වෙන්නේ .ඉතින් මේ 3 හිම එකතුවක් ලෙස තමයි  JDK කියන මේ Software  එක නැත්නම් Collection  එක හැදිලා තියෙන්නේ.මෙහෙම මතක තියාගන්නකෝ අපි ලියන ජාවා file  එකට අදාලව compile  කල විට byte code එකෙන් සෑදෙන intermediate Language  File  එක සාදන්න අපිට සහය වෙන්නේ මෙන්න මේ JDK Tool Kit  එකයි .එනම් Compiler කියන කොටසට සහය දෙන්නේ මේ Software  එක. 

යාළුවනේ මීට  කලින් පාඩම් වලට මෙතනින් යන්න..........

Wednesday, October 3, 2012

Java අනෙකුත් භාෂා වලින් වැදගත් වන්නේ ඇයි?...( Lesson 03 )


අපි මේ පාඩමේදී සාකච්චා කරන්න යන්නේ Java හි ඇති සුවිශේෂී ගුණාංග සමූහයක් ගැන.මොකද ජාවා කියන Programming language එක අනෙක් Programming language වලින් විශේෂිත  වන්නේ කුමන හේතුවක් නිසාද යන වග අපි දැනගෙන ඉන්න ඕනි.අන්න ඒ කරණයේදී අපිට java වල ඇති ප්‍රදාන කරුණු පහක් මුණගැහෙනවා.ඉතින් දැන් අපි ඒ කරුණෙන් කරුණ පිළිවෙලට පැහැදිලි කරගම්මු.

01.Java is an OOP Language 

හරි අපිට මුලින්ම මුණගැහෙන්නේ Java කියන්නේ Object Oriented Programming Language.ඒ කිව්වේ මේ Programming Language එක OOP එකක්.තවත් පැහැදිලි කලොත් Java කියන භාෂාවෙන් අපිට කැමති විදියට රිසි සේ Objects create කරගන්න පුළුවන්.දැන් ඔයාල බලනවා ඇති මොනාද මේ Objects කියන්නේ කියල.අපි එක මෙහෙම පැහැදිලි කරගම්මු ....උදාහරණයක් විදියට ඔයාල අපි කව්රුත් දන්නා Programming Tool එකක් තමයි VB(Visual Basic).ඉතින් VBගත්තම එකට තියෙන්නේ Graphical User Interface එකක් .VB Interface එක මතකනම් දැකල තියේනම් එකේ තියෙනවා යාලුවනේ Left Side එකේ වෙනමම Objects Tool Box එකක් එකේ තියෙනවා එක එක Objects.....ඒ කිව්වේ Buttons ,Label ,Radio Button,ඔය වගේ.ඉතින් ජාවා වල මෙහෙම VB වගේ Objects Interface එකක් නෑ. ඒ වෙනුවට අපිට පුළුවන් අපිට කැමති ආකාරයකට ඕනිම Object එකක් හදාගන්න.

ඔය කතාව සරලව මෙහෙම කියමුකෝ VB වලදී අපිට Button  එකක් හදාගන්න උවමනානම් වම පැත්තේ තියෙන Button Tool එක Select කරලා Button එකක් අපේ Working Area එකට Add කර ගන්න පුළුවන්.නමුත් ජාවා කියන දෙදී එහෙම එකක් බෑ.ඒ වෙනුවට අපිට Cording වලින් Button Object  එකක් ඕනි විදියට හදාගන්න පුලුවන්.VB වල වගේම Properties වෙනස් කරමින් අපගේ අවශ්‍යතාවයන්ට අනුව ඕනිම වෙලාවක වෙනස් කරමින් මෙම Program එකක් හදාගන්න පුළුවන්.අන්න ඒ විදියට සිදු කරගන්නා Program එකකට තමයි අපි කියන්නේ OOP – (Object Oriented Program) එකක් කියල.OOP කියන්නේ  Java වල තියෙන වැදගත්ම Topic එකක්.එක නිකන් ජාවා වල Heart එක වගේ.ඉදිරියට ගොඩක් සවිස්තරව අපි ඒ ගැන විමසමු.කොහොමහරි අපිට අන්තිමට එන්න තියෙන නිගමනේOOP කියන concept  එකක් නිසා Java කියන Language එක VB වගේ Tool  එකකට එහා ගිය ගොඩක් සංකීර්ණ දේවල් කල හැකි භාෂාවක් යන වගයි.


02.Executed on Multi Operating Systems


ජාවා කියන භාෂාව වැදගත් වන තවත් දෙයක් තමයි මේකට පුළුවන් ඕනෑම Operating System එකක් යටතේ execute වෙන්න.එනම් මම මී කලින් පාඩමකදී පැහැදිලි කල වගේ ජ වලින් ලියනු ලැබූ  File එකක් Compile කරගත්තයින් පස්සේ ඒ compile කරගත්තු කොටස ඕනෑම Operating System එකකට හදුනාගන්න පුළුවන්.අපි මේ කරණයට කියනවා  Platform Independence  කියල ඒ කිව්වේ ඕනෑම  platform  එකකට ගැලපෙනවා කියන වගයි.


03.Supported Computer Network System

ඊලග කාරණය තමා Computer Network Environment එකකට වුනත් අපිට ජාවා කියන භාෂාව යොදාගන්න පුළුවන්. ඒ කිව්වේ LANඑකකට WAN,MAN වගේ ඕනෑම Network එකකට අපිට ජාවා කියන භාෂාවෙන් ලියන ලැබූ Programs පාවිච්චි  කරන්න පුළුවන්.ඉතින් ඒකත් මගේ යාලුවනේ ජාවා කියන භාෂාව මේ තරම් ජනප්‍රිය වෙන්න හේතු සාධක වෙලා තියෙනවා.


04.Remote Source Secure Handling

ඊලග කාරණය තමයි  Network Environment එකකට වැදගත් වෙනවා වගේම අපේ ඒ ලියා ගත්තු Cording  එහෙම දුරස්ථ තැනක ඉදන් පාවිච්චි කරන්න වෙනස් කරන්න update කරන්න වගේ වැඩ කරන්න පුළුවන් ඉතාමත්  ආරක්ෂිතව.එවැනි දුරස්ත හැසිරවීමක් කල හැකියි ජාවා භාෂාවට.ඉතින් අපි ඒ දේ හදුන්වනවා Remote Source Secure Handling   කියලා.


05.We can use Special OOP Concepts

අන්තිම කරණය තමයි  යාලුවනේ පළමුවැනි කරුණෙන් අපි කතා කල OOP යටතේ එන වැදගත්ම හා සුවිශේෂී කරුණු, සංකල්ප  ජාවා හා එකට සබැදිව ක්‍රියා කිරීම යන හේතුවයි.

Java හි මූලික හැදින්වීම 2.....( Lesson 02 )


ඊයේ ලිපියේ ඉතුරු ටිකත් අරන් අද ඉක්මනින්ම ආවා මොකද අද ලියන කොටසත් පෙර ලිපියේම කොටසක් නිසා.ඉතින් මතක ඇතිනේ අපි කලින් කතා කල java file එකක් compile කරනවා කියන්නේ මොකක්ද කියල පැහැදිලි කරගත්තා.හරි අපි අද බලමු ඇයි  අපි java file එකක් compile කරලා (.class) file  එකක් විදියට සකසන්නේ කියලා.

මෙන්න මේකයි එකට හේතුව අපි ජාවා වැඩසටහනක් ලිව්වට පස්සේ ඒ java file එක එතනින් එහාට Run කරන්න වෙන්නේ මොන වගේ Computer එකක්ද කියලා කියන්න දන්නේ නැනේ.

අපි මෙහෙම හිතමුකෝ….. ඔයා ඔයාලගේ ගෙදර තියෙන Windows Operating System එක සහිත Computer එකක ඉදන් Java වැඩසටහනක් හදනවා.ඒක ඔයාට Linux, Apple වගේ Operating System එකක Run කරවන්න ගියොත් ඒක කරන්න බෑ අපිට  (.java)  කියන file එකෙන්.මෙහෙමත් හිතන්නකෝ අපි ලිව්ව file ඒක අපි හදාගන්න ඕනි ඕනෑම පරිගණකයකට සුදුසු වෙන ආකාරයට.ඕනෑම System Environment  එකක් යටතේ Run කරවන්න පුළුවන් විදියට හදාගන්න ඕනි එකට තියෙන ක්‍රමය තමයි compile කරලා (.class) file එකක් විදියට හදාගන්න ඒක.මේ (.class)  කියන file ඒක ඕනෑම system එකක් තුල Run කරවගන්න පුළුවන්. ඒක වෙන හැටිත් හීමිට තේරුම් ගම්මු.හරි පැහැදිලි වෙන්න ඇති කියලා සිතනවා.

හරි ඉතින් Windows , Apple , Ubuntu වගේ ඕනෑම System එකක තියෙනවා JVM – (Java Virtual Machine ) ඒක කියලා එකක්.එකට පුළුවන් (.class) file කියවගන්න.ඉතින් අපි compile කරලා එවන (.class) file ක ඒ ඒ අදාල system එකේ තිබෙන JVM එකෙන් කියවල එහි ඇති දත්ත වලට අනුකූලව අපිට ප්‍රතිපලයක් Output  කරනවා.ඒ ලැබෙන ප්‍රතිපලය පොදු වුන එකක් වෙනවා මොකද  මොන Operating System එකෙන් කියෙව්වත් එහි අඩංගු වෙන්නේ (.java) ලෙස file එකේදී අපි ලිව්වා දේ.

ඒ කිව්වේ මගේ යාලුවනේ මෙතනදී වෙන්නේ (.java) විදියට හැම තැනදීම කියවගන්න බැරි නිසා අපි වෙන විදියකට ඒ file ඒක හරවල යවනවා අයෙත් ඒ අදාල system  වලදී මුල්  file  එකේ දත්ත ගන්න පුළුවන් විදියටම. මෙන්න මේ කාර්යට අපි කියනවා  Execute කරනවා කියලා.

කලින් රූප සටහනේම එකතුවක් එක්ක මෙන්න මේ දීල තියෙන රූප සටහනෙන් තේරුම් ගන්න බලන්න .



සාරාංශයක් විදියට ඔයාල මෙහෙම මතක තියාගන්නකෝ අපි මුලින්ම ජාවා භාෂාවෙන් වැඩසටහනක් ලියනවා ...දෙවනුව කරන්නේ ඒ වැඩසටහන එනම් file ඒක compile කරන ඒක.......තුන්වනුව  අදාල JVM එකක් හරහා එය Execute කරනවා .සරල සිද්දි 3 යි සහෝ.


                  Write Java Program ----->Compile It----->Execute It

Compile කිරීම Execute කිරීම කියන්නෙත් ටිකක් කතා  කරන්න ඕනි Topic දෙකක්.මොකද ඒවා වෙන්නේ මොකකින්ද.අපි ඒවා සදහා යොදාගන්න Software ම්නවද.ඉතින් ඉදිරි ලිපියකින් ඒ ගැන කතා කරමු.දැනට java file එකක ක්‍රියාකාරීත්වය දැනගෙන ඉම්මුකෝ...