හරි අපි දැන් බලමු අපේ පාඩම් වල
ඊලග පියවර වල් මොනවද කියලා.මේ වෙනකල් පල කරපු ලිපි තේරුම් යන්න ඇතැයි
සිතනවා.ඉදිරියට බලාපොරොත්තුවක් තියෙනවා යාළුවනේ අපි මේ ඉගෙන ගත්ත දේවල් කරන හැටි වීඩියෝ දර්ශන විදියට ඔයාලට ලබා දෙන්න.බලමු
අපිට තියෙන කාල වේලාව අනුව අපි හැමදේම ඔයාලා වෙනුවෙන් කරනවා.
අද අපේ පාඩම වෙන්නේ මොකක්ද දන්නවද? අපි මේ JDKtool kit / JVM ගැන කතා කරලා මදිනේ.මේවා නිවැරදිව ඔයාලගේ මැෂින්
වලට install කරන හැටිත් කියලා දෙන්න ඕනි.මොකද බේස්
එක හරියට දාන්නේ නැතුව වෙන මොනවා කලත් වැඩක් නෑ.අපි ඔයාලට සාමාන්‍යෙයන් යෝජනා
කරන්නේ ජාවා 1.6 කියන එක දා ගන්න කියලයි මොකද දන්නවද 1.7 අළුත්ම version එක වුනාට ඒකේ සමහරක් දේවල් testing සදහා ඇතුලත් කරපුවා.ඉතින් මගෙ යාළුවනේ අපි පරණ
එකෙන්ම වැඩ කරමු.තව තව ලෙඩ තියෙනවා අපි ඒවා පස්සේ බලමු.
හරි ඉතින් මේ පහල link එකෙන් ගිහින් JDK Tool KIT එක බා ගත කරගන්නකෝ වැඩි ගානක් නෑ.සම්පූර්ණයෙන්ම නිකන් දෙන්නේ...
යාළුවනේ ලොකු දෙයක් නෑ.සාමාන්‍ය software එකක් install කරගන්නා ආකාරයටම install කරගන්න.ඒ ගැන අවුලක් වුනොත් අපිට මේල් එකක්
දාන්න එකින් එක කියලා දෙන්න අපි පොරොන්දු වෙන.මෙතන ඒක පියවරෙන් පියවර පෙන්නන්න
උත්සාහ නොගන්නේ ඔයාලා ඕනි තරම් ඒ දේ දන්න නිසා.
ඔන්න ඊලගට තමයි වැඩේ.කස්ටිය මේක පොඩ්ඩක් අහන්නකෝ අපි පරිගණකයට ජාවා install කලා කියලා විතරක්
මදි.අපි අපේ වැඩසටහන් ලියද්දී ඒවා compile කරද්දී ජාවා තියෙන තැන compiler ට
පෙන්වල දෙන්න ඕනි.ඉතින් අපි වැඩසටහනක් ලිව්වට පස්සේ ඒක කරන්න පුළුවන් .ඒත්
ඒක කරදරයක්
ඒ කිව්වේ අපි ලියන පාරක් පාරක් පාසා මේ විදියට path එකක් දෙන්න බෑනේ.ඒක ඇත්තටම කරදරයක් මොකද දැන්
ඔයාලා දිගටම වැඩ කරනවනේ ජාවා එක්ක.හරි එහෙනම් අපි මේ සදහා ස්ථීර path එකක් set කරමු නේද? හම්
දැන් බලා ගන්නකෝ කොහොමද ඒක කරන්නේ කියලා.
ඔයාලා පාවිච්චි කරන්නේ windows , operating system එකක් කියලා
හිතනුයි මම වැඩ කරන්නේ . Linux ,Ubuntu,fedora වගේ ඒවායෙත් ලොකු වෙනසක් නෑ.....
මෙහෙමයි මුලින්ම ඔයාලා තමන්ගේ පරිගණකයේ ජාවා install කරගනිපු තැනට එහෙමත්
නැත්නම් hard එකේ අදාල location එකට යන්න.මෙන්න මේ විදියට .....
My Computer -----> Local
Disk(C:) ------> Program Files ----> Java ----> jdk1.6.0 -----> bin

ඔන්න ඔය Location එකට ගිහින් අපි මේ ගිය path එක copy කරගන්න ඕන.හරි දැන් අපි මේ copy කරගත් මේ path එක set කරන්න ඕන.ඒකට
ඔයා මුලින්ම යන්න My Computer වලට.රෑප
සටහන් ආධාර කර ගන්නකෝ .ඉන් පසුව එහි තිබෙන System Properties tab එක click කරන්න...
හරි දැන් අපිට ලැබෙනවා window එකක් .ඒකේ වම් අත පැත්තේ කෙලවරේ යටින් තියෙන Advanced
System Settings tab එක click කරන්න.මෙන්න මේ විදියට
ඉතින් ඊට පස්සේ අපිට
ලැබෙනවා System Properties Dialog
Box එක.ඒකේ Advanced කියන tab එක select වෙලාම එනවා.ඒ tab එකේ පහලින් තියෙන Environment
Variables යන Button එක click කරන්න.
එවිට අපිට ලැබෙනවා Environment Variables Dialog Box එක.දැන් එහි යට ඇති System Variables Box එකෙන් Path යන්න select කරන්න.ඉන්පසු යට ඇති Edit යන Button එක Click කරන්න.
අපිට දැන් අළුතෙන් Dialog Box එකක් විවෘත වෙලා තිබෙනවා..මේන්න මේ අකාරයට...හරිද බලන්න
යාළුවනේ...
හරි දැන් ඔය එන Dialog
Box එකේ Variable Value යන තීරුවේ තිබෙන text එකේ අවසානයට යන්න.
හොදට මතක තියාගන්න
යාළුවනේ ඔය තීරුවේ දැනට තිබෙන කිසිවක්
වෙනස් කරන්න ....මකන්න යන්න එපා .මොකද එහෙම වුනොත් ඔයාගේ පරිගණකයේ සමහරක් වැඩසටහන්
පරිගණකය ආරම්භයේදීම ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්.ඉතින් පරිස්සමෙන් ....වැරදිලා හරි
එහෙම වුනොත් ඔය ඇවිත් තියෙන Dialog
Boxes , save නොකර ආයේ මුල සිටම කරන්න අමතක වෙලා
ඒකත් කලොත් (හි හි sorry ම තමා හි හි හි......) නෑ නෑ මෙහෙම දෙයක් කරන්න.ඔයා ඔය
තීරුවේ මුලට C:\Windows ;
කියලා දාන්න .මම දන්න
තරමින් විසදුමක් ඔය විදිහ.
ඉතින් ඔයාට කිසි කරදරයක්
නැතුව මේ තීරුවේ අවසානයට යන්න පුළුවන් මේ text එකේ කොහේ හෝ තැනක courser එක තියලා Keyboard එකේ right
arrow key එක press
කරගෙන ඉදීම මගින්.හරි කොහොම හරි අවසානයට ගිහින්
එහි අන්තිමට semicolon
( ; ) එකක් දාන්න .හරිද? මෙන්න
මේ විදියට.....
දැන් අපි කලින් bin
folder එකේ ඉදන් copy කරන් ආව Location path එක අපි දාපු
semicolon
එකට පසුව paste කරගන්න.මේ අකාරයට.
ඊට පස්සේ OK කරන්න.හරි දැන්
හිමින් සැරේ අපි open කරන් ඉන්න සේරම dialog boxes , OK කරගන්න.දැන් ඔයාගේ පරිගණකයට ජාවා පාත් එක set කරලා ඉවරයි.දැන් පුළුවනි ජාවා වලින් වැඩ කරන්න ..අම්මෝ
ඇති නේද? හි එහෙනම් අදට නවතින්නම් ..ආයෙත්
එන්නේ ජාවා වලින් පලමු වැඩසටහනත් අරන්..එහෙනම් යාළුවෝ සූදානම් වෙන්න ජාවා ලෝකයේ
සැරිසරන්න....
ආ මතක් කරන්න ඔනි JDK Tool
Kit එක install කරන තැන ඉදලා මේ path එක set කරන තැන
දක්වා ගැටළුවක් තියෙනව නම් අපිට mail
එකක් දාන්න.ජය වේවා!
Skype :- javagasto
මට නම් වටිනවා ලිපිය.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ස්තූතියි ගයනි මේ පැත්තට ගොඩ වුනාට !! දිගටම ඉන්න ඉක්මනින්ම පාඩම් ටික දාන්නම් .... ජය වේවා
Deleteමේ මම හොය හොය හිටපු විදියේ බ්ලොග් එකක්.. දිගටම ලියමු යාලුවා..
ReplyDeleteස්තූතියි සහෝ මේ පැත්තට ගොඩ වුනාට !! දිගටම ඉන්න ඉක්මනින්ම පාඩම් ටික දාන්නම් .... ජය වේවා
Deleteමගේ අතින් path එක set කරද්දී කලින් තිබ්බ ටික delete උනා.දැන් මොකද කරන්නේ?
ReplyDeleteමුල ඉදන්ම ලිපි ටික කියවගෙන ආවා. මොන මගුලක්ද මේකෙ ඉතිරි ටික ලිව්වේ නැත්තේ ඇයි බං.
ReplyDelete