අද අපි කතා කරන්න යන්නේ Java Runtime Environment කියන එක
ගැන.දැන් අපි බලමු JRE එක කොහොමද Java කියන භාෂාව තුල ඇතුලත් වෙන්නේ
කියලා.
හරි අපි මුලින්ම බලමු මොකක්ද මේ JRE එක කියන්නේ කියලා. අපි කතා කල Java program එක වැඩ කරන්නේ කොහොමද කියලා
අපි දන්නවා.අපි දැන් බලමු Java program එකක් පරිගණකය තුල වැඩ කරන්නේ
කොහොමද කියලා.
එනම් අපි Java වලින් ලියල compile කරලා .class file යක් ලෙස හැදුවට පස්සේ ඒ ලියාගත්තු program එකක් පරිගණකය තුල ක්‍රියාත්මක කරන්නන අදාල
පරිගණකය තුල ගැලපෙන පරිසරයක් සැකසී තියෙන්න ඕනි.කොටින්ම කිව්වොත් අපි
ලියගත්තු Java program එකක්
Run කරන්න පරිගණකයේ සුදුසු පරිසරයක් තියෙන්න
ඕනි.අන්න ඒ සුදුසු පරිසරය එසේත් නැත්නම් වට පිටාව පරිගණකය
තුල ස්ථාපනය කර දීම, ගොඩ නගන එක තමයි JRE කියන Software එකෙන්
කරන්නනේ .මෙහිදී JRE කියලා කියන්නේ අපි
කලින් සදහන් කල JDK වගේ Software Bundle එකක්.ඒ Bundle එක ඇතුලේ තියෙනවා අපි
හදාගත් .class file එක හැම machine එකටම කියවන්න පුළුවන් විදියට ඒ ඒ අදාල පරිගණකය
හදුනාගෙන ඒ කියන්නේ මොන machine එකකද Run කරන්න යන්නේ කියලා සොයා බලා ඒ අදාල විදියට ලබාදීම තමයි JRE එක මගින්
කරන්නේ.
අපි සරලව මෙහෙම කියමුකෝ අපි Run කරන්න හදන file එක අරගෙන අපි මේ
වැඩ කරනOS-Operating System එක මොකක්ද කියලා සොයාගෙන ඒ ඒ අදාල OS එකට ගැලපෙන පරිදි execute කිරීමට අදාල පරිසරය
හදලා දෙන එක තමයි JRE එක මගින් කරන්නේ.ඒ
සදහා JVM නම් වූ Java Virtual Machine ,JRE එක තුල තියෙනවා ඒවයින් අදාල OS එක හැදිනගෙන ඒ හරහා අපේ file එක execute කර අපේ OS එකට ලබාදෙනවා.
පහත රූප සටහන ආදාරයෙනුත් තේරුම් ගන්න බලන්න ...හැමදාම මහන්සියෙන් රෑප සටහන් පවා දාන්නේ ඔයාලට සරලවම කියල දෙන්න ඕනි නිසා....
තව දෙයක් යාලුවනේ අපි කලින් දවසක කතා කලා VB වගේ Software එකක Graphical user Interface පාවිච්චි වෙනවා
කියලා එත් ජාවා වල එහෙම කොටසක් නෑ ඒ වෙනුවට
තියෙන්නේ API –
Application Programming Interface කියලා කොටසක් ඉතින් මේ API කියන කොටසත්
ඇතුලත් වෙන්නේ JRE කියන Software Bundle එකේම තමයි .ඔයාල JDK Tool Kit එක install කරද්දී සාමන්‍යයෙන් Java Runtime Environment
එකත් install වෙනවා ඔය දැනුවත්ව හෝ
නොදැනුවත්ව.
ඉතින් අපි මේ කතා කලේ Java Runtime environment එකේ තියෙන වැදගත්කම.ආයේ
ඉක්මනින්ම එන්නම් ඔබට ජය!!
මේවා මමත් දකිනවා... නොදන්නා දේවල් කියලා දෙනවට තුති...
ReplyDeleteස්තූතියි දේවා මේ පැත්තට ගොඩ වුනාට !! ජය වේවා
Delete