Monday, October 22, 2012
පරිගණකයට Java ස්ථාපිත කීරීම සහ Path එක සැකසීම........(Lesson 06)
ඔන්න ඔය Location එකට ගිහින් අපි මේ ගිය path එක copy කරගන්න ඕන.
එවිට අපිට ලැබෙනවා Environment Variables Dialog Box එක.දැන් එහි යට ඇති System Variables Box එකෙන් Path යන්න select කරන්න.ඉන්පසු යට ඇති Edit යන Button එක Click කරන්න.
හරි දැන් ඔය එන Dialog Box එකේ Variable Value යන තීරුවේ තිබෙන text එකේ අවසානයට යන්න.
Friday, October 19, 2012
Java Run time Environment යනු කුමක්ද?.......(Lesson 05)
අද අපි කතා කරන්න යන්නේ Java Runtime Environment කියන එක
ගැන.දැන් අපි බලමු JRE එක කොහොමද Java කියන භාෂාව තුල ඇතුලත් වෙන්නේ
කියලා.
හරි අපි මුලින්ම බලමු මොකක්ද මේ JRE එක කියන්නේ කියලා. අපි කතා කල Java program එක වැඩ කරන්නේ කොහොමද කියලා
අපි දන්නවා.අපි දැන් බලමු Java program එකක් පරිගණකය තුල වැඩ කරන්නේ
කොහොමද කියලා.
එනම් අපි Java වලින් ලියල compile කරලා .class file යක් ලෙස හැදුවට පස්සේ ඒ ලියාගත්තු program එකක් පරිගණකය තුල ක්‍රියාත්මක කරන්නන අදාල
පරිගණකය තුල ගැලපෙන පරිසරයක් සැකසී තියෙන්න ඕනි.කොටින්ම කිව්වොත් අපි
ලියගත්තු Java program එකක්
Run කරන්න පරිගණකයේ සුදුසු පරිසරයක් තියෙන්න
ඕනි.අන්න ඒ සුදුසු පරිසරය එසේත් නැත්නම් වට පිටාව පරිගණකය
තුල ස්ථාපනය කර දීම, ගොඩ නගන එක තමයි JRE කියන Software එකෙන්
කරන්නනේ .මෙහිදී JRE කියලා කියන්නේ අපි
කලින් සදහන් කල JDK වගේ Software Bundle එකක්.ඒ Bundle එක ඇතුලේ තියෙනවා අපි
හදාගත් .class file එක හැම machine එකටම කියවන්න පුළුවන් විදියට ඒ ඒ අදාල පරිගණකය
හදුනාගෙන ඒ කියන්නේ මොන machine එකකද Run කරන්න යන්නේ කියලා සොයා බලා ඒ අදාල විදියට ලබාදීම තමයි JRE එක මගින්
කරන්නේ.
අපි සරලව මෙහෙම කියමුකෝ අපි Run කරන්න හදන file එක අරගෙන අපි මේ
වැඩ කරනOS-Operating System එක මොකක්ද කියලා සොයාගෙන ඒ ඒ අදාල OS එකට ගැලපෙන පරිදි execute කිරීමට අදාල පරිසරය
හදලා දෙන එක තමයි JRE එක මගින් කරන්නේ.ඒ
සදහා JVM නම් වූ Java Virtual Machine ,JRE එක තුල තියෙනවා ඒවයින් අදාල OS එක හැදිනගෙන ඒ හරහා අපේ file එක execute කර අපේ OS එකට ලබාදෙනවා.
පහත රූප සටහන ආදාරයෙනුත් තේරුම් ගන්න බලන්න ...හැමදාම මහන්සියෙන් රෑප සටහන් පවා දාන්නේ ඔයාලට සරලවම කියල දෙන්න ඕනි නිසා....
තව දෙයක් යාලුවනේ අපි කලින් දවසක කතා කලා VB වගේ Software එකක Graphical user Interface පාවිච්චි වෙනවා
කියලා එත් ජාවා වල එහෙම කොටසක් නෑ ඒ වෙනුවට
තියෙන්නේ API –
Application Programming Interface කියලා කොටසක් ඉතින් මේ API කියන කොටසත්
ඇතුලත් වෙන්නේ JRE කියන Software Bundle එකේම තමයි .ඔයාල JDK Tool Kit එක install කරද්දී සාමන්‍යයෙන් Java Runtime Environment
එකත් install වෙනවා ඔය දැනුවත්ව හෝ
නොදැනුවත්ව.
ඉතින් අපි මේ කතා කලේ Java Runtime environment එකේ තියෙන වැදගත්කම.ආයේ
ඉක්මනින්ම එන්නම් ඔබට ජය!!
Wednesday, October 17, 2012
JDK Tool KIt යනු කුමක්ද?......(Lesson 04)
හරි යාලුවනේ
ඉක්මනින්ම මූලික කොටස් ටික කියල දෙන්න ඕනි නේ .දන්නවනේ එක එක වැඩ එක්ක වෙලාව
හොයාගන්න එපැයි මේකත් ලියන්න.
හරි අපි මීට කලින් කතා කල පාඩම් වලදී ඉගෙනගත්තා
කොහොමද ජාවා භාෂාවෙන් ලිව්ව Program එකක් ක්‍රියාත්මක වෙන්නේ, කොහොමද Compile වෙනවා කියල
වෙන්නේ මොකක්ද කියල කාරණය.දැන් අපි ඉගෙන ගන්න යන්නේ මේ ජාවා File එකක් Compile කරද්දී ඊට
වැදගත් වන තවත් අනෙකුත්
කොටස් කීපයක්
ගැන කෙටියෙන් විස්තරයක් මොකද ඒ තොරතුරුත් ඉගෙන ගන්න එක වටිනවා ඔයාලට
ඔයාල අහල ඇති
සමහරවිට JDK Tool Kit එකක් ගැන. දැන් කතා කරන්න යන්නේ ඒ ගැන
මොකක්ද මේ JDK Tool Kit එක කියල කියන්නේ?....ඇත්ත වශයෙන්ම අපි ජාවා Program එකක් ලිව්වට පස්සේ එකේ තියෙනවා Source code එක. අපි ඊළගට ඒක Compile කරනවා ඒ ක්‍රියාවලිය Machine Independent ඒ කියන්නේ ඕනෑම Machine එකකට කියවන්න
පුළුවන්.ඒ හැදිච්ච .class File එක අපි Execute
කරනවා එතැනදී ඒ ඒ අදාල Operating System එක මත ඒ ක්‍රියාවලිය වෙනස් වෙනවා
ඔන්න ඔය දේ තමයි සරලවම වෙන්නේ ......
ඉතින් ඔය උඩ
තියෙන chart එකේ
Compiler කියන කොටසේදී අපිට වැදගත් වෙනවා අපි ඉහතින් කතා
කල JDK කියන දේ.තව දෙයක් යාලුවනේ අපි ජාවා කියන
භාෂාව භාවිතා කරන්න මුලින්ම පරිගණකයේ install කරන්නේ මේ Java
Development Kit කියන එක.
JDK කියන්නේ programs
,documents වැනි කීපයකින් හැදිච්ච එකතුවක් කියල කිව්වොත්
නිවැරදියි .ඉතින් ඇත්තටම මේක Software එකක් එහෙමත් නැත්නම් program එකක්.හරි මේ JDK කියන Software
එකේ මූලිකව වැදගත්Tools 3 ක් තියෙනවා අපි ඒවා ගැන දැන් බලමු
1.javac
JDK තුල
තියෙනවා javac කියල Tool එකක්. ඇත්තටම මෙන්න මේ tool එක තමයි අපිට ඕනි වෙන්නේ අපි ලියන source code එක byte code
එකක් විදියට compile කරලා දෙන්න.ඒ කිව්වේ compile කියන කාරණයේදී අපිට උදව් දෙන්නේ මෙන්න මේ කොටසයි.
2.jar
Jar කියන Tool එකෙන් ඇත්තටම මෙකයි කරන්නේ අපි program යක් compile කරන විට වැදගත් වන තවත් දේවල් තියෙනවා ඒ
කිව්වේ compile කිරීමට යොදාගන්නා packages තියෙනවා එයට සහභාගීවන classes තියෙනවා අන්න ඒ සියල්ලම jar file එකක් විදියට
එනම් එකතුවක් විදියට(නුහුරු වුනත් මතක තියාගන්න Libraries
විදියට ) JDK තුල
අපිට දකින්නට ලැබෙනවා.අන්න එවැනි එකතුවකට තමයි අපි jar
file එකක් කියන්නේ.
3.javadoc
මේ තියෙන්නේ
අපි program යක්
compile කරන විට වැදගත් වන Documents ය .අපි compile කරන අවස්ථාවේ ඒ ඒ වැදගත් දත්ත ඇතුලත් Documents , JDK මගින් Automatically Generate කරගන්නවා.මොකද පස්සේ අපිට ඒවා
වැදගත් වන නිසා.ඒ කියන්නේ යාලුවනේ අපි හදන byte
code එකට අදාලව විස්තර වගේ දේ තිබෙන ලිපියක් වගේ
දේවල්.
ඉතින් මේ අනුව
මේ මූලිකම tools 3 තමයි JDK තුලදී අපිට වැදගත් වෙන්නේ .ඉතින් මේ 3 හිම එකතුවක් ලෙස තමයි JDK කියන මේ Software
එක නැත්නම් Collection
එක හැදිලා තියෙන්නේ.මෙහෙම මතක තියාගන්නකෝ අපි
ලියන ජාවා file එකට
අදාලව compile කල
විට byte code එකෙන් සෑදෙන intermediate Language File එක සාදන්න අපිට සහය වෙන්නේ මෙන්න මේ JDK Tool Kit එකයි .එනම් Compiler කියන කොටසට සහය දෙන්නේ මේ Software එක.
යාළුවනේ මීට කලින් පාඩම් වලට මෙතනින් යන්න..........
Lesson 01 -Java හි මූලික හැදින්වීම 1
Lesson 02 - Java හි මූලික හැදින්වීම 2
Lesson 03 - Java අනෙකුත් භාෂා වලින් වැදගත් වන්නේ ඇයි?
Wednesday, October 3, 2012
Java අනෙකුත් භාෂා වලින් වැදගත් වන්නේ ඇයි?...( Lesson 03 )
අපි මේ පාඩමේදී
සාකච්චා කරන්න යන්නේ Java හි ඇති සුවිශේෂී ගුණාංග සමූහයක් ගැන.මොකද
ජාවා කියන Programming language එක අනෙක් Programming
language වලින් විශේෂිත
වන්නේ කුමන හේතුවක් නිසාද යන වග අපි දැනගෙන ඉන්න ඕනි.අන්න ඒ කරණයේදී අපිට java වල ඇති ප්‍රදාන
කරුණු පහක් මුණගැහෙනවා.ඉතින් දැන් අපි ඒ කරුණෙන් කරුණ පිළිවෙලට පැහැදිලි කරගම්මු.
01.Java is an OOP Language
හරි අපිට
මුලින්ම මුණගැහෙන්නේ Java කියන්නේ Object
Oriented Programming Language.ඒ කිව්වේ මේ Programming Language එක OOP එකක්.තවත් පැහැදිලි කලොත් Java කියන භාෂාවෙන්
අපිට කැමති විදියට රිසි සේ Objects create කරගන්න පුළුවන්.දැන් ඔයාල බලනවා ඇති මොනාද
මේ Objects කියන්නේ කියල.අපි එක මෙහෙම පැහැදිලි කරගම්මු
....උදාහරණයක් විදියට ඔයාල අපි කව්රුත් දන්නා Programming Tool එකක් තමයි VB(Visual Basic).ඉතින් VBගත්තම එකට තියෙන්නේ Graphical User Interface එකක් .VB Interface එක මතකනම් දැකල තියේනම් එකේ තියෙනවා
යාලුවනේ Left Side එකේ වෙනමම Objects
Tool Box එකක් එකේ
තියෙනවා එක එක Objects.....ඒ කිව්වේ Buttons ,Label ,Radio Button,ඔය වගේ.ඉතින් ජාවා වල මෙහෙම VB වගේ Objects
Interface එකක් නෑ. ඒ
වෙනුවට අපිට පුළුවන් අපිට කැමති ආකාරයකට ඕනිම Object එකක් හදාගන්න.
ඔය කතාව සරලව
මෙහෙම කියමුකෝ VB වලදී අපිට Button එකක් හදාගන්න උවමනානම් වම පැත්තේ තියෙන Button Tool එක Select කරලා Button එකක් අපේ Working Area එකට Add කර ගන්න
පුළුවන්.නමුත් ජාවා කියන දෙදී එහෙම එකක් බෑ.ඒ වෙනුවට අපිට Cording වලින් Button Object එකක් ඕනි විදියට හදාගන්න පුලුවන්.VB වල වගේම Properties වෙනස් කරමින්
අපගේ අවශ්‍යතාවයන්ට අනුව ඕනිම වෙලාවක වෙනස් කරමින් මෙම Program එකක් හදාගන්න
පුළුවන්.අන්න ඒ විදියට සිදු කරගන්නා Program එකකට තමයි අපි කියන්නේ OOP – (Object Oriented Program) එකක් කියල.OOP කියන්නේ Java වල තියෙන
වැදගත්ම Topic එකක්.එක නිකන් ජාවා වල Heart එක
වගේ.ඉදිරියට ගොඩක් සවිස්තරව අපි ඒ ගැන විමසමු.කොහොමහරි අපිට අන්තිමට එන්න තියෙන
නිගමනේOOP කියන concept එකක් නිසා Java කියන Language එක VB වගේ Tool එකකට එහා ගිය ගොඩක් සංකීර්ණ දේවල් කල හැකි භාෂාවක් යන වගයි.
02.Executed
on Multi Operating Systems
ජාවා කියන භාෂාව වැදගත් වන තවත් දෙයක් තමයි මේකට පුළුවන් ඕනෑම Operating System එකක් යටතේ execute
වෙන්න.එනම් මම මීට කලින් පාඩමකදී
පැහැදිලි කලා වගේ ජාවා වලින් ලියනු ලැබූ File එකක් Compile කරගත්තයින් පස්සේ ඒ compile කරගත්තු
කොටස ඕනෑම Operating
System එකකට හදුනාගන්න පුළුවන්.අපි මේ කාරණයට
කියනවා Platform Independence
කියල ඒ කිව්වේ ඕනෑම platform එකකට ගැලපෙනවා කියන වගයි.
03.Supported Computer Network System
ඊලග කාරණය තමා Computer Network Environment එකකට වුනත් අපිට ජාවා කියන භාෂාව
යොදාගන්න පුළුවන්. ඒ කිව්වේ LANඑකකට WAN,MAN වගේ ඕනෑම Network එකකට අපිට
ජාවා කියන භාෂාවෙන් ලියන ලැබූ Programs පාවිච්චි කරන්න
පුළුවන්.ඉතින් ඒකත් මගේ යාලුවනේ ජාවා කියන භාෂාව මේ තරම් ජනප්‍රිය වෙන්න හේතු සාධක
වෙලා තියෙනවා.
04.Remote
Source Secure Handling
ඊලග කාරණය තමයි Network Environment එකකට වැදගත් වෙනවා වගේම අපේ ඒ ලියා
ගත්තු Cording එහෙම දුරස්ථ තැනක ඉදන් පාවිච්චි කරන්න වෙනස්
කරන්න update කරන්න වගේ වැඩ කරන්න පුළුවන්
ඉතාමත් ආරක්ෂිතව.එවැනි දුරස්ත හැසිරවීමක් කල හැකියි ජාවා භාෂාවට.ඉතින්
අපි ඒ දේ හදුන්වනවා Remote Source Secure Handling කියලා.
05.We can
use Special OOP Concepts
අන්තිම කාරණය තමයි
යාලුවනේ පළමුවැනි කරුණෙන් අපි කතා කල OOP යටතේ එන වැදගත්ම හා සුවිශේෂී කරුණු, සංකල්ප ජාවා හා එකට සබැදිව ක්‍රියා
කිරීම යන හේතුවයි.
Java හි මූලික හැදින්වීම 2.....( Lesson 02 )
ඊයේ ලිපියේ ඉතුරු ටිකත් අරන් අද ඉක්මනින්ම ආවා මොකද අද ලියන
කොටසත් පෙර ලිපියේම කොටසක් නිසා.ඉතින් මතක ඇතිනේ අපි කලින් කතා කල java file එකක් compile කරනවා
කියන්නේ මොකක්ද කියල පැහැදිලි කරගත්තා.හරි අපි අද බලමු ඇයි අපි java file එකක් compile කරලා (.class) file එකක් විදියට සකසන්නේ කියලා.
මෙන්න මේකයි එකට හේතුව අපි ජාවා
වැඩසටහනක් ලිව්වට පස්සේ ඒ java file එක එතනින් එහාට Run කරන්න වෙන්නේ මොන වගේ Computer එකක්ද
කියලා කියන්න දන්නේ නැනේ.
අපි මෙහෙම හිතමුකෝ….. ඔයා ඔයාලගේ ගෙදර තියෙන Windows Operating System එක සහිත Computer එකක ඉදන් Java වැඩසටහනක් හදනවා.ඒක ඔයාට Linux, Apple වගේ Operating System එකක Run කරවන්න ගියොත් ඒක කරන්න බෑ අපිට (.java) කියන file එකෙන්.මෙහෙමත් හිතන්නකෝ අපි ලිව්ව file ඒක අපි හදාගන්න ඕනි ඕනෑම පරිගණකයකට සුදුසු වෙන ආකාරයට.ඕනෑම System Environment එකක් යටතේ Run කරවන්න පුළුවන් විදියට හදාගන්න ඕනි එකට තියෙන ක්‍රමය තමයි compile කරලා (.class) file එකක් විදියට හදාගන්න ඒක.මේ (.class) කියන file ඒක ඕනෑම system එකක් තුල Run කරවගන්න පුළුවන්. ඒක වෙන හැටිත් හීමිට තේරුම් ගම්මු.හරි පැහැදිලි වෙන්න ඇති කියලා සිතනවා.
හරි ඉතින් Windows , Apple , Ubuntu වගේ ඕනෑම System එකක තියෙනවා JVM – (Java Virtual Machine ) ඒක කියලා
එකක්.එකට පුළුවන් (.class) file කියවගන්න.ඉතින් අපි compile කරලා එවන (.class) file එක ඒ ඒ අදාල system එකේ තිබෙන JVM එකෙන් කියවල එහි ඇති දත්ත වලට අනුකූලව අපිට ප්‍රතිපලයක් Output කරනවා.ඒ ලැබෙන ප්‍රතිපලය පොදු වුන එකක් වෙනවා
මොකද මොන Operating System එකෙන් කියෙව්වත් එහි අඩංගු වෙන්නේ (.java) ලෙස file එකේදී අපි ලිව්වා දේ.
ඒ කිව්වේ
මගේ යාලුවනේ මෙතනදී වෙන්නේ (.java) විදියට
හැම තැනදීම කියවගන්න බැරි නිසා අපි වෙන විදියකට ඒ file ඒක හරවල යවනවා අයෙත් ඒ අදාල system වලදී මුල් file එකේ දත්ත ගන්න පුළුවන් විදියටම.
මෙන්න මේ කාර්යට අපි කියනවා Execute කරනවා
කියලා.
කලින් රූප සටහනේම එකතුවක් එක්ක මෙන්න මේ දීල තියෙන රූප සටහනෙන්
තේරුම් ගන්න බලන්න .
සාරාංශයක් විදියට ඔයාල මෙහෙම මතක තියාගන්නකෝ අපි මුලින්ම ජාවා
භාෂාවෙන් වැඩසටහනක් ලියනවා ...දෙවනුව කරන්නේ ඒ වැඩසටහන එනම් file ඒක compile කරන
ඒක.......තුන්වනුව අදාල JVM එකක් හරහා එය Execute කරනවා .සරල සිද්දි 3 යි සහෝ.
Write
Java Program ----->Compile It----->Execute It
Compile කිරීම Execute කිරීම
කියන්නෙත් ටිකක් කතා කරන්න ඕනි Topic දෙකක්.මොකද ඒවා වෙන්නේ මොකකින්ද.අපි ඒවා සදහා යොදාගන්න Software
ම්නවද.ඉතින් ඉදිරි ලිපියකින් ඒ ගැන කතා කරමු.දැනට java file එකක ක්‍රියාකාරීත්වය දැනගෙන ඉම්මුකෝ...
Subscribe to:
Posts (Atom)